(නිමල කොඩිතුවක්කු)

ඩීසල් මිළ ඉහළ දැමුවද බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.

ඉන්ධන මිලෙහි වැඩිවීම දරාගෙන බස් රථ ධාවනයට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල ඉහල දැමීමෙන් කෙටි දුර ධාවන බස් රථයකට දිනකට රුපියල් 750 ක සහ දුර සේවා බස්රථයක් සඳහා දිනකට රුපියල් 2000 කට අධික මුදලක් දිනකට වැයවන බවද ඔහු පැවසීය.

බස් ගාස්තු පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට නම් ඩීසල් මිල සියයට 4කට වැඩි අගයකින් ඉහළ යා යුතුව ඇත.